කාත්නා රැඳවූවන් පිරිසක් උද්ඝෝෂණයක යෙදෙමින් කළහකාරීව හැසිරීම නිසා වැලිකඩ බන්ධනාගාරය අද (20) යළිත් නොසන්සුන් වුණා. කෙසේ වෙතත් මේ වනවිට එහි තත්වය පාලනය කර තිබෙන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පැවසුවේ.
ඇති වූ නොසන්සුන්තාවයේදී නිලධාරීන් 08 දෙනෙකුට සහ රැුඳවූවන් 03 දෙනෙකුට තුවාල සිදු වූ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. නොසන්සුන්තාවයෙන් පසු කළහකාරීව හැසිරුණු රැඳවූවන් 50 දෙදෙනෙකු ස්ථාන මාරු කළ බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.