උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ගේ නීති විරෝධි ප‍්‍රකාශ හමුවේ ආණ්ඩුව තවදුරටත් නිහඩව සිටියහොත් වඩාත් බරපතල විපාක ලැබීමට රටටම සිදුවනු ඇතැයි පිවිතුරු හෙළ උරුමය අනතුරු අඟවනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පැවසුවේ මීට පෙර ද එක් අවස්ථාවකදී සිදුවූවාක් මෙන් නැවත උතුරු පළාතේ ඒකපාර්ශවීය දෙමළ රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්වීමට ද ඉඩ තිබෙන බවයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල එම අදහස් පළ කළේ උතුරු පළාතේ නාම පුවරු පිළිබඳව ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් කරන ලද නවතම ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්. උතුරේ නාම පුවරුවල අදාළ නම් පළමුව දෙමළ බසින්ද දෙවනුව ඉංග‍්‍රීසි බසින් හා අවසානයේ සිංහල බසින් ද පළ කළ යුතු බව ප‍්‍රධාන අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. එමෙන්ම දෙමළ නම් පරිවර්තනය නොකර දෙමළ ව්‍යවහාරයෙන්ම නාම පුවරුවල දැක්විය යුතු බවයි ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ. උතුරේ නාගදීපයක් නොමැති බවද ඇත්තේ නයිනතිව් පමණක් බවද ප‍්‍රධාන අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.
මේ අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අද (20) පැවැත්වු මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් සිහිපත් කළේ උතුරේ යුද ස්මාරක ඉවත් කළ යුතු බවටද සී වී විග්නේෂ්වරන් ප‍්‍රකාශ කර ඇති බවයි. අමාත්‍ය මංගල සමරවීර ඊට මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.