වැටුප් විෂමතා ඉවත් කිරීමේ කොමිසමේ සාමාජිකයින් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.
සියලූම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සම්බන්ධයෙන් පවතින විෂමතා ඉවත් කිරීම පිළිබඳ සොයා බැලීම මෙම කොමිසමේ ප‍්‍රමුඛ කාර්යයක්. වැටුප් විෂමතා අවම කිරීම සහ ප‍්‍රශස්ථ වැටුප් ව්‍යුවහයක් රාජ්‍ය සේවකයින්ට ලබා දීම මෙමගින් සිදුවනු ඇති.
එස්. රනුග්ගේ සභාපතිවරයා ලෙස කටයුතු කරන මෙම කමිටුවට සාමාජිකයින් 15දෙනෙක් අයත්.
මාස 02ක් තුළ මෙම කොමිසමේ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉකුත් දා දැඩි කතාබහකට ලක්වූ දුම්රිය වැඩවර්ජනයටද හේතුවූයේ වැටුප් විෂමතා පිළිබඳ ගැටලූවක්. ඊට විසඳුම් ලෙස රජය ප‍්‍රකාශ කළේ මෙම වැටුප් කොමිසමේ නිර්දේශයි. ඒවා මත පදනම්ව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් තීරණය කරන බවයි ප‍්‍රකාශ කෙරුණේ.