ඉපලෝගම, ඉදිගහවැව ප්රදේශයේ කැළෑවක තිබි සොයාගැණුනු වෙඩි වැදී මියගිය බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ සිරුරක් සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ලද තොරතුරක් අනුව අද (22) පෙරවරුවේ ඉපලෝගම, ඉදිගහවැව, රත්මල්ගහවැව ප්රදේශයේ වනලැහැබක තිබී එම මළසිරුර සොයාගත් බව පොලීසිය පැවසුවා.
මියගිය පුද්ගලයා එප්පාවල, ඇඳගල ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු බවටයි හදුනාගෙන ඇත්තේ.