වනසංරක්ෂණ ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව වනසංරක්ෂණ නීති රාමුව වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ලෙස කි‍්‍රයාත්මක කිරීමට හැකිවන පරිදි සංශෝධන ඇතුළත් කරමින් නව පනත් කෙටුම්පතක් සකස් කිරීමටයි යෝජනා වී ඇත්තේ.
මහවැලි සංවර්ධන හා පරිසර විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර කොළඹ අගනගර කලාපයෙහි තෙත් බිම් ගොඩකිරීම හා විනාශ කිරීම නවතාලීම සදහා නියෝග පැනවීමට ඉදිරිපත් වූ යෝජනාවකටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.