අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ විස්සක් කප්පමක් ඉල්ලා සිටි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අම්බලන්ගොඩ සීනිගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු විදේශ රටක නිෂ්පාදිත ගිණි අවියක් ද සමග ඊයේ (21) පස්වරුවේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තමා වෙත කෙටි පණිවුඩ එවමින් රුපියල් ලක්ෂ විස්සක කප්පම් මුදලක් ඉල්ලූ බවට අදාල ව්‍යාපාරිකයා විසින් අම්බලනගොඩ පොලීසිය වෙත පැමිණිලි කිරීමෙන් පසුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අම්බලන්ගොඩ සීනිගොඩ පදිංචි කරුවෙකු වන අතර ඔහු සතුව තිබූ ගිනි අවිය උන්ඩ දහයක් දැමිය හැකි එකක් බවද පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.