දිවයිනට පැමිණ සිටින ජපානයේ ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොදේරා අද (22) දහවල් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණ චාරිකාවක නියැලී තිබේනවා.
නෙත් නිවුස් අප වාර්තාකරු පැවසුවේ ත්‍රිකුණාමලයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණි ජපාන ආරක්ෂක ඇමතිවරයා ෂෑන්ග්රිලා හෝටලයේදී දිවා ආහාරය ගැනීමෙන් අනතරුව යලි හම්බන්තොට වරායට පැමිණ මෙම නිරීක්ෂණ චාරිකාවේ යෙදුනු අතර ඉන් අනතුරුව යලි ගුවනින් කොළඹට පැමිණ තිබෙනවා.
කෙසේ නමුත් මෙම ජපාන ආරක්ෂක ඇමතිවරයා හම්බන්තොට වරායේ නිරීක්ෂණය සිදුකරන අයුරු ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට වරාය පරිශ්‍රයට ඇතුල් වීමට අවසර හිමි නොවූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.