මුලතිව් මුහුදු වෙරළ ආසන්නයේ පිහිටුවා ඇති සුනාමි අනතුරු පිළිබද සංඥා නිකුත් කරන කුළුණේ කොටස් කිහිපයක් කිසියම් පිරිසක් විසින් ගලවා ගෙන ගොස් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ආපදා කළමණාකරණ නිලධාරීන් මුලතිව් පොලීසියට පැමිණිලි කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සුනාමි සංඥා නිකුත් කරන කුළුණේ සවිකර තිබූ ඉහළ වටිනාකමක් සහිත උපකරණ එලෙස ගලවාගෙන ගොස් තිබෙනවා. අදාළ උපකරණ පිළිබද දැනුමක් ඇති අයෙකු ඒවා ගලවා ගෙන ගොස් ඇති බවටයි ආපදා කළමණාකරණ නිලධාරීන් සැක පළ කරන්නේ.