බි‍්‍රතාන්‍ය නියෝජිතයන් පිරිසක් සහ ඉලංකෙයි තමිල් අරුසු පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජා රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ පනයේ හෝටලයක ඊයේ (21) පස්වරුවේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි. ඒ පිළිබද සැලවීමත් සමග මාධ්‍යවේදීන් පිරිසක් එම සාකච්ඡාව පැවැත්වූ ස්ථානයට ගොස් ඇතත් ඔවුන්ට එම ස්ථානය වෙත යාමට අදාළ හෝටලයේ ආරක්‍ෂක නිලධාරීන් ඉඩ ලබාදී නැහැ.
සාකච්ඡාවෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී මාවෙයි සේනාධිරාජා මන්තී‍්‍රවරයාගෙන් මාධ්‍යවේදීන් අදාළ සාකච්ඡාව පිළිබද තොරතුරු විමසා තිබෙනවා. එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ බි‍්‍රතාන්‍ය රාජ්‍ය තාන්ති‍්‍රකයින් පිරිසක් සමග උතුරේ වත්මන් තත්ත්වය පිළිබද සාකච්ඡා කළ බවයි. කෙසේවෙතත් එම රාජ්‍ය තාන්ති‍්‍රකයින් කවුරුන් දැයි මාධ්‍යවේදීන් විමසූ විට මන්තී‍්‍රවරයා ඊට පිළිතුරු ලබානොදුන් බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.