Wednesday, January 15, 2025

General line - 0115112241

සිංගප්පූරු ගිවිසුමෙන් රටට කුණු ගේන්න දෙන්නේ නැහැ

මහේෂ් චතුරංග




සිංගප්පූරු වෙළද ගිවිසුම මගින් එරට අපද්‍රව්‍ය ශී‍්‍ර ලංකාවට ගෙනඒමේ අවධානමක් නොමැති බව ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා. 

"මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිවරයා හැටියට කැබිනට් එකෙන් අනුමත කරපු පාකිස්ථාන ශ්‍රී ලංකා ගිවිසුමෙත් කුණු ආනයනයට අපනයනයට අවස්ථාව තිබුණ. එහෙමයි කියල පාකිස්ථාන කාරයෝ කුණු එවලත් නැහැ අපි යවලත් නැහැ. මේ ගිවිසුමෙත් කුණු තියෙනව. කුණු මොනවද කියල ලයිස්තු ගත කරල තියෙනව. හැබැයි අපි සිංගප්පූරුවෙන් කුණු ගේන්න දෙන්නේ නැහැ."

මෙම මාධ්‍ය හමුවට එක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න රුපියලේ අවප‍්‍රමාණය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් පැවසුවේ පාකිස්ථානය ඉන්දියාව වැනි ආසියානු කලාපයේ අනෙකුත් රටවල ඩොලරයට සාපේක්ෂව එරට මුදල් අවප්‍රමාණය වීම ප්‍රතිශතයක් ලෙස ගත්කල අපට වඩා ඉහළ අගයක් ගන්නා බවය.