Wednesday, January 15, 2025

General line - 0115112241

පලාලි ගුවන්තොටුපළ බලන්න ඊයෙත් ඉන්දීය ඉහළ පෙලේ පිරිසක් ඇවිත් - වසර අවසානයට පෙර චෙන්නයි පලාලි ගුවන් ගමන්?

දිනසේන රතුගමගේ




පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කොට අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන් ගමන් කටයුතු ආරම්භ කිරීමේ වැඩ පිළිවෙල පිළිබදව තවදුරටත් කරුණු සොයා බැලීම පිණිස ඉන්දීය රජයේ ඉහළ පෙලේ නිලධාරීන් තුන් දෙනෙකු ඊයේ (21) පලාලි ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙණවා. මේ සඳහා වූ යෝජනාවට දෙරටේම අනුමැතිය හා එකගත්වය පල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ ගිවිසුමටද අත්සන් තබා තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාද මීට පෙර යාපනයේ පලාලි ගුවන් තොටුපල වෙත පැමිණ මේ සම්බන්ධයෙන් මීට මාස තුනකට පමණ ඉහතදී  අධ්‍යනයක් කොට තිබුණා. ඒ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්ත්රිිරන් ඉන්දීය මහකොමසාරිස් වරයාගෙන් ඉල්ලා තිබුණේ දෙසැම්බර් මස 31 වෙනිදාට පෙර ප්‍රථම ජාත්‍යන්තර ගුවන් යානය චෙන්නායි සිට පලාලි ගුවන් තොටුපල දක්වා පියාසර කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසයි.

පලාලි ගුවන් තොටුපලේ සියළු සංවර්ධන කටයුතු මාස තුනක් වැනි කාලයක් ඇතුළත සිදුකොට අවසන් කළ හැකි නිසා ඉතා ඉක්මනින්ම ගුවන් ගමන් කටයුතුද ආරම්භ කළ හැකි බවට මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා විශ්වාසය පල කොට තිබුණි. පලාලි ගුවන් තොටුපලේ සිට ශ්‍රී ලංකාවේ බොහෝ අභ්යොන්තර ගුවන් තොටුපල වලටද ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව හා ශ්‍රී ලංකාව එකග වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ සිතියමද මේ වන විට එළිදක්වා අවසන්ය.