ආණ්ඩුව මහබැංකු බැදුම්කර වංචාව යට ගැසීමේ අරමුණින් වෙනත් මාතෘකා රට තුළ නිර්මාණය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා. ඒකාබද්ධ විපක්‍ෂය කොළඹදී අද (22) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.
මහා පරිමාණ මූල්‍ය වංචා සහ අක‍්‍රමිකතා පිළිබද නඩු කඩිනම් කිරීම සදහා ඊයේ විවෘත කෙරුණු විශේෂ මහාධිකරණය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ මෙහිදී අදහස් පළ කළා.