ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් පැවැත්වෙන ලබන 05 වැනිදා කොළඹ නගරයට නොපැමිණෙන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල සිදු කළ ප‍්‍රකාශය රටේ පුරවැසියන්ගේ සිවිල් අයිතිවාසිකම් අභියෝගයට ලක් කරන ප‍්‍රකාශයක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පැවසුවේ අදාළ ප‍්‍රකාශය රටේ පුරවැසියන්ට වක‍්‍ර ලෙස තර්ජනය කිරීමක් වන බවයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස සහ නීතිඥවරයෙකු ලෙස උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා එවැනි ප‍්‍රකාශ සිදු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බවද රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා වැඩිදුරටත් පැවසුවා.