යාපනයේ සිංහල මහා විද්‍යාලය යළි ආරම්භ කිරීම කෙරෙහි විශාල පිරිසකගේ අවධානය යොමු වී තිබෙනවා.
වසර 53කට පෙර ආරම්භ කරණ ලද යාපනයේ සිංහල මහා විද්‍යාලය යළි ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට 26 වෙනි ඉරිදා යාපනයේ පැරණි උද්‍යානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වෙන්නේ.
දැනට යාපනයේ ප්‍රදේශ කිහිපයක සිංහල වැසියන් පදිංචිව සිටින නිසා ඔවුන්ගේ පවුල්වල ළමයින් සඳහා යාපනයේ සිංහල විද්‍යාලය යළි ආරම්භ කිරීම කෙරෙහි සංවිධාන කීපයක් හා යාපනය සිංහල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම්, එහි සේවය කළ ආචාර්යවරු ඇතුළු පිරිසක් මෙලෙස සූදානමින් සිටිනවා.
දැනට මෙම විදුහලේ යුද හමුදාව රැදී සිටින අතර යුද්ධය හේතුවෙන් යාපනය සිංහල මහා විද්‍යාලය වැසී ගියේ 1985 වසරේදීයි.