Wednesday, May 15, 2024

General line - 0115112241

මැතිව් බලාපොරොත්තුවක් දල්වයි (VIDEO)

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




ශි‍්‍ර ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් දල්වමින් මැතිව් අබේසිංහ මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (23) උදෑසන සමත් වුණා.

ඒ එම ඉසව්වේ 4 වන මූලික වටයේ තරගයේදී තෙවන ස්ථානය දිනා ගනිමින්.

තරග නිමි කාලය තත්පර 49.48 ක් ලෙස සටහන් වුණා.

මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ 3වන මූලික වටයේ තරගයට එක්වූ  කයිල් අබේසිංහ 3 වන ස්ථානය දිනා ගත්තද ඔහුට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වූයේ නැහැ.

අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ කී‍්‍රඩකයින් අතර මැතිව් අබේසිංහට කාලගණනය අනුව හිමිව ඇත්තේ 3වන ස්ථානයයි. ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩකයෙකු ආසියානු ක්‍රීඩා උළලක අවසන් මහ තරගයට පිවිසි පළමු අවස්ථාවද මෙයයි.