Wednesday, May 15, 2024

General line - 0115112241

ආසියානු ක්‍රීඩා උලෙළ මැද්දේ කලකිරුණු ශ්‍රී ලංකා කබඩි සභාපති 

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




ආසියානු කී‍්‍රඩා උලළේ කබඩි ඉසව්වෙන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දැක්වූ පසුබෑම හේතුවෙන් කබඩි සම්මේලනයේ සභාපති ඒ. ඩී. පතිරණ එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. 

ඉල්ලා අස්වීමේ ලිපිය තමන් කි‍්‍රඩා අමාත්‍යවරයා වෙතද යොමු කළ බවයි ඔහු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ. 

ශී‍්‍ර ලංකාව මෙවර ඉන්දුනිසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු කී‍්‍රඩා උළලේ කබඩි ඉසව්වෙන් කාන්තා සහ පිරිමි පදක්කම් බලාපොරොත්තුවෙන් පසු වුණා. 

ඔවුන් පුහුණුවීම් සිදු කළේද ඉන්දීය පුහුණුකරුවෙකු යටතේයි. ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායම සහභාගි වූ තරග 4න් ජය ගත්තේ තරග 2ක් පමණයි. ශී‍්‍ර ලංකා පිරිමි කබඩි කණ්ඩායම ජයග‍්‍රහණය කළේ එක් තරගයක් පමණයි.