ඉන්ධන මිල අඩු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් බහුදින ධීවර යාත‍්‍රා සංගමයේ ධීවරයන් පිරිසක් කොළඹ කොටුවේ විරෝධතාවක නිරත වනවා. මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට ගාළු මුවදොර දක්වා රථ වාහන ධාවනය සීමා කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.
විරෝධතාකරුවන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටින අතර ඔවුන්ගේ නියෝජිතයන් දෙදෙනෙකු සාකච්ඡාවක් සදහා ජනාධිපති ලේකම් කාර්යාලය තුළට ගොස් සිටින බව එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.