පෞද්ගලික රෝහල් මිළ නියාමනය ලබන සතියේදී සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඒ යටතේ විවිධ අය කිරීම් 53 ක මිළ නියාමනය කිරීමට නියමිතයි.
පෞද්ගලික රෝහල් මිළ නියාමනය කිරීමේ අවසන් ලේඛණය කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ වෙත උපදෙස් ලබාදි තිබුණා. ඒ අනුව අවසන් වාර්තාව ඉදිරි දෙදින තුළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතයි. ඉන්පසු එම මිළ නියාමනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරෙනු ඇති.
ශල්‍යකර්ම, රසායනාගාර පරීක්ෂණ, දරු ප්රසූතවලදි අය කෙරෙන ගාස්තු ඇතුළු විවිධ අය කිරීම් මේ යටතේ නියාමනය කිරීමට නියමිතයි.