ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (23) පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියා. ඒ, අද විවාදයට ගැණුනු අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍ර පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයට එක්වීම සඳහායි. එහිදී විනාඩි 15 ක පමණ කාලයක් ජනාධිපතිවරයා විවාදයට එක්වෙමින් අදහස් පළ කළා.
මේ අතර පළාත් සභා සීමා නිර්ණ කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.