අඹගමුව ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරයෙකු කළු පටි පැළද අද (23) විරෝධතාවක නිරත වුණා. ඒ, ඉකුත් මාස කිහිපයේ සභාවේ මුදල් කමිටුව විසින් සිදුකරන ලද ගෙවීම්වල වාර්තාවේ පිටපතක් තමන් වෙත නොලැබුණු බව පවසමින්.
එබැවින් නිසි අධ්‍යයනයකින් තොරව තමාට ඉකුත් මාසික සභා වාර්තාව අනුමත කළ නොහැකි බව මන්තී‍්‍රවරයා පවසනවා.
අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම අද පැවැත්වුණේ එහි සභාපති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍ර ජයසංඛ පෙරේරාගේ ප‍්‍රධානත්වයෙන්. ඉකුත් මාසයේ පැවති සභා රැස්වීමේ වාර්තාව අද අනුමත කර ගැනීමටද නියමිතව තිබුණා.