තමාට එරෙහිව ඇති චෝදනා සහ අධිකරණ වරෙන්තුව සම්බන්ධයෙන් විස්තර ලබාදෙන ලෙසට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අන්තර් ජාතික පොලීසිය හරහා ඉල්ලීමක් කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව අද ඒ බව ප‍්‍රකාශ කළේ මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදීයි.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිපි‍්‍රයා ජයසුන්දර එහිදී කියාසිටියේ දැනට වරෙන්තු මත සිටින අර්ජුන් මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලීසියේ සිංගප්පූරුවේ ඒකකයට සිය ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි. තමාට එරෙහි සාක්‍ෂි සම්පින්ඩන වාර්තා සහ වරෙන්තුවේ පිටපතක් පරිශීලනය කිරීමට අවශ්‍ය බව ඔහු එහිදී දන්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය පිළිබද මේ වනවිට අධ්‍යයන කරමින් සිටින බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට අද ප‍්‍රකාශ කළේ.
ඒ අනුව එම ඉල්ලීම සම්බන්ධයෙන් ගතහැකි නීතිමය පියවර පිළිබද ඉදිරි දින අධිකරණයට කරුණු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න, අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙහිදී නියෝග කළා.
බැදුම්කර සිද්ධියට අදාළව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව මීට පෙර වරෙන්තු නිකුත් කර තිබුණා.