යළි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තිය සමිති සූදානම් වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවා. ඒ, ජනාධිපතිවරයා සමග අද (23) පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන්වීම හේතුවෙන්. ඒ අනුව ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබද තීරණය කිරීම සදහා දුම්රිය වෘත්තීය සමිති අද පස්වරුවේ සාකච්ඡාවකද නිරත වුණා.
මේ අතර රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව සදහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයින් පත් කරනු ලැබ තිබෙනවා. රාජ්‍ය අංශයේ වැටුප් ගැටළු හා විෂමතා ඇත්නම් ඒ වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමටයි මෙම කොමිසම පත් කර ඇත්තේ. දුම්රිය වැටුප් ගැටළුවද ඔවුන්ට පැවරෙන ප‍්‍රධාන කාර්යයක්. අදාළ නිර්දේශ ඉදිරිපත් කළයුතු වන්නේ මාස 2 ක් තුළයි.