Thursday, January 16, 2025

General line - 0115112241

පදක්කම ගිලිහුනත් මැතිව් පිහිනුම් ඉතිහාසය අලූත් කරයි

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලේ ශී‍්‍ර ලංකාව තැබූ අවසන් පිහිනුම් බලාපොරොත්තුවද අද (23) පස්වරුවේ බිද වැටුණා. එ් මැතිව් අබේසිංහට මීටර් සියය නිදහස් ආර පිහිනුම් ඉසව්වේ අවසන් තරගයේදී හය වැනි ස්ථානය හිමිවීමත් සමගයි. තරග නිමි කාලය තත්පර 49 යි දශම 2 යි 8ක් ලෙස සටහන් වුණා.

මැතිව් අබේසිංහ අද දිනයේ ඉතිහාස ගත වූයේ ආසියානු කී‍්‍රඩා උළෙලක පිහිනුම් ඉසව්වකින් අවසන් තරගයට පිිවිසි පළමු ශී‍්‍ර ලාංකික පිහිනුම් කී‍්‍රඩකයා ලෙස ලෙසයි. අද පැවැති මීටර් සියය නිදහස් ආර පිහිනුම් ඉසව්වේ රන් සහ රදී පදක්කම් දෙකම ජපානය විසින් දිනා ගත්තා. එම ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ චීන කී‍්‍රඩකයෙක්.