අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක අද අදහස් පළ කළා. ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
"රටකින් තවත් රටක අධිකරණයට අවශ්‍ය පුද්ගලයන් හුවමාරු කරගන්නා උදර්පන නීතිය ඊයේ ජනාධිපති තුමා විසින් ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැසට් කරගත්තතා. ඒක ගැසට් කරගත්තා වගේම, සිංප්පූරුවේ තානාපතිතුමාගේ සහ අගමැති තුමාගේ පූර්ණ රැකවරණය යටතේ සිටින, ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම වෙනුවෙනුත් විශාල වැඩ කොටසක් කරපු අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්නව ගන්නත් කටයුතු කරන්න කියලයි අපි එතුමාගෙන් ඉල්ලා සිටින්නේ."
මෙහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක කියාසිටියේ සැප්තැම්බර් මස 5 වනදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැුළියට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායමේද සහාය හිමිවන බවයි.