ශී්ර ලන්කන් ගුවන් සමාගමේ සිදුවූ වංචා දූෂණ සෙවීම සදහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ එම සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ අද (23) පළමු වරට පෙනී සිටියා. ඊට අමතරව ශී්ර ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේනද කොමිසම හමුවේ පෙනී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ. ඔවුන්ගෙන් අද දිනයේ පැය 8 කට ආසන්න කාලයක් ප්රශ්න කර තිබුණා.
ශී්ර ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ එවකට ලබාදුන් තීන්දුවක් හේතුවෙන් රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික පාඩුවක් සමාගමට සිදුවූ බවටයි වාර්තා පළ වන්නේ.