කලාකරුවන්ගේ නිර්මාණ කිසිදු වාරණයකට ලක්කරන්නේ නැති බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
සියලු කලාකරුවන්ට නිදහසේ සිය නිර්මාණ බිහිකිරීමට ඉඩ සළසා ඇති බවද අමාත්‍යවරයා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
එහිදී "තරුවන්ගේ සරණය කියන කතාව මම හොඳට හොයලා බැලුවා. බෞද්ධයෙක් හැටියට කියවිය යුතු දෙයක් මේ නාට්‍යයෙන් කියවෙන්නේ. අද අපේ සමාජයේ තෙරුවන්ගේ සරණ පස්සේ යන්නේ නැතුව..නළු නිළියන්ගේ සංස්කෘතිය පස්සේ යනවා..අපේ තියෙන සංස්කෘතිය අමතක වෙනවයි කියන එකයි මේකේ අදහස. ඉතින් මේවා ගැන අහන්නේ තැනිව අපේ ආණ්ඩුවට මඩ ගහන්න ඉන්න.. අය මේක සම්පූර්ණයෙන්ම විකෘති කරලා. අපි ලසන්ත වික්‍රමතුංග මරපු හැටිත්..එක්නැළිගොඩ අතුරුදහන් වෙච්ච හැටිත් චිත්‍රපටි කරමු." යනුවෙන් සඳහන් කළා