Thursday, January 16, 2025

General line - 0115112241

මැලේසියා යන ලාංකිකයින්ට වාසියක් වෙන ලකුණු

හේමන්ත කහවලගේ




ජපන් ආරක්‍ෂක අමාත්‍යවරයාට පසු තවත් ආරක්‍ෂක අමාත්‍යවරයෙකු මෙරටට පැමිණීමට සූදානම් වනවා.

එලෙස ශී‍්‍ර ලංකාවට පැමිණෙනු ඇත්තේ මැලේසියානු ආරක්‍ෂක අමාත්‍ය මොහොමඞ් සාබු.

ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නියෝජ්‍ය නායක ආචාර්ය යූ. ටී. එම්. අන්වර් මුණ ගැසුණු අවස්ථාවේද ඔහු ඒ බව ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා. 

මෙම හමුවේදී ශී‍්‍ර ලාංකිකයින්ට මැලේසියානු වීසා ලබා ගැනීමේදී අය කරන ගාස්තු අඩු කිරීම පිළිබඳවද අවධානය යොමුවී ඇතැයි සදහන්. එමෙන්ම මෙරට අඩු වරප‍්‍රසාද සහිත දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මැලේසියානු සහාය ලබාදීමටද මෙහිදී එකගතාව පළ කර තිබෙනවා.