Sunday, May 5, 2024

General line - 0115112241

පදක්කම් සටහනේ ලංකාව අසරණ වෙයි

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




18 වන ආසියානු ක‍්‍රීඩා උළලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවීමට චීනය සමත් වී තිබෙනවා.

ඒ, රන් පදක්කම් 55 ක්, රිදී පදක්කම් 40 ක් සහ ලෝකඩ පදක්කම් 21 ක් සමගින්.

චීනය දිනා ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 116 ක්.

ජපානය රන් පදක්කම් 25 ක් සමග සමස්ත පදක්කම් 86 ක් සමගින් දෙවන ස්ථානයේ පසු වනවා.

රන් පදක්කම් 16 ක් දිනු කොරියාව 3 වන ස්ථානයේ පසුවන අතර රන් පදක්කම් 10 ක් සමග ඉරානය පසුවන්නේ සිව්වන ස්ථානයේයි.

රටවල් 24 ක් මේ දක්වා කුමන හෝ පදක්කමක් දිනා ඇති අතර ශී‍්‍ර ලංකාවට එම රටවල් අතරට එක්වීමට මේ දක්වා හැකි වී නැහැ.