Saturday, May 4, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා මළල කී‍්‍රඩා කණ්ඩායම පුහුණුවීම්වල - හෙට ඉසව් ඇරඹේ

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලට එක්වන ශී‍්‍ර ලංකා මළල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අද (24) උදෑසන ජකාර්තා නුවරදී පුහුණුවීම්වල නිරත වුණා. 

ආසියානු කී‍්‍රඩා උළලේ මළල කී‍්‍රඩා ඉසව් හෙට (25) සිට ආරම්භ වන අතර ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන සහ කාලිංග කුමාරගේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගවලට හෙට එක්වීමට නියමිතයි. 

අරුණ දර්ශන සහ කාලිංග කුමාර සහභාගි වන මීටර් 400 ධාවන ඉසව්වේ මූලික වටයේ තරග හෙට උදැසන 9. 40ට ආරම්භ වීමට නියමිතයි. 
 
ශී‍්‍ර ලංකාවට මෙවර ආසියානු කී‍්‍රඩා උළලේ පදක්කම් සටහනට එක්වන්නට මෙතෙක් අවස්ථාව හිමි වී නැති අතර හෙට සිට ආරම්භ වන මළල කී‍්‍රඩා ඉසව්වලින් ශී‍්‍ර ලංකාව වැඩි පදක්කම් බලාපොරොත්තු දල්වා සිටිනවා. මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක්වන මළල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 11ක්.

මේ අතර නිලූක කරුණාරත්න සහ දිනුක කරුණාරත්න සහභාගි වන බැඩ්මින්ටන් කේවල ඉසව්වේ තරග අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

හෙට දිනයේ මළල කී‍්‍රඩා ඉසව්වලට එක්වන ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ තරග ඉසව් ආරම්භය ශී‍්‍ර ලංකා වේලාවෙන් පහතින් දැක්වෙයි.

09.40 am - 400 M. (Men) Heats - S. Aruna Darshana
09.40 am - 400 M. (Men)  - Kalinga Kumarage
5.15 pm - Heats - Long Jump (Men) Qualifying - Janaka Prasad Wimalasiri
06.15 pm - 10000 M. (Women) - Hiruni Wijeratne
07.10 pm - 400 M. (Men) Semi Finals