මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන් එල්ල කරන චෝදනාවන්ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (24) ප්‍රතිචාර දැක්වුවා. ඒ, වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු අද ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින්.
ඉකුත්දා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරද එම අවස්ථාවට එක්ව සිටියා.
වයඹ ඇළ දෙවන අදියර අද ආරම්භ වුණේ පොල්පිතිගම, කුඹුකුලාව වැව් පරිශ්රයේදීයි. මහවැලි ජලය වයඹට සැපයීම මෙහි ප්‍රධාන අරමුණක්. මොරගහකන්ද කළුගග සංවර්ධන ව්‍යාපෘතියේ අතුරු ප්‍රතිඵලයක් ලෙස වයඹ ඇළ ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවුණේ 2016 වසරේදීයි.
මීට අමතරව ග්‍රාමීය වැව් 2,400 ක් ප්‍රතිසංස්කරණ කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භයද අද සිදුවුණා.