හැටන්, හිජිරාපුර ප්‍රදේශයේ නිවසක සගවා තිබූ ‘එන්සි’ නැමති ගංජා මිශ්‍ර මත්කුඩු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, හැටන් පොලිස් කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරක් මත හැටන් පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අදාල නිවසේ සිදුකල සෝදිසි මෙහෙයුමකදීයි.
එහිදී ‘එන්සි’ නැමති ගංජා මිශ්‍ර මත්කුඩු කිලෝ 06යි ග්‍රෑම් 800ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
විදේශ රටකින් ආනයනය කරනු ලබන ‘එන්සි’ නැමති මත්කුඩු මෙරට අලෙවි කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
සැකකරු එම මත්කුඩු රැගෙනවිත් කුඩා පැකට්වල අසුරා පාසල් ළමුන් ඇතුළු තරුණ පිරිස් ඉලක්ක කරගනිමින් ඒවා අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිට තිබෙනවා.
ඔහු බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.