Saturday, May 4, 2024

General line - 0115112241

මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කනස්සල්ලෙන්

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




මලල කී‍්‍රඩා ඉසව් සදහා එක්වන කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගත් පදනම පිළිබද මතු වූ අර්බුධකාරී තත්වය තවමත් පහව ගොස් නැහැ. ජාතික ඔලිම්පික් කමිටුව මලල කී‍්‍රඩා ඉසව්ව සදහා 13 දෙනෙකු නම් කරන ලෙස මලල කී‍්‍රඩා සංගමයට දන්වා සිටි අතර පසුව එම සංඛ්‍යාව 24 දක්වා වැඩි කිරීමට අවසර හිමිවුණා. 

කෙසේ වෙතත් විවිධ හේතුන් මත ඊට එක් වන සංඛ්‍යාව අඩු වූ අතර මේ වන විට ආසියානු කී‍්‍රඩා උළෙලට සහභාගි වීමට අවස්ථාව හිමිව ඇත්තේ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 12 දෙනෙකුට පමණයි. මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ නම් ඇතුළත් කිරීමේදී බලධාරීන්ගේ සිදු වරදින් උස පැනීමේ කී‍්‍රඩක උෂාන් තිවංක සහ උපමාලිකා රත්නකුමාරිට මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලට එක්වීමේ අවස්ථාවද අහිමි වුණා. 

උපමාලිකා රත්නකුමාරිට එම අවස්ථාව අහිමි වීමත් සමග ශී‍්‍ර ලංකාවට මෙවර අසියානු කී‍්‍රඩා උළෙලේ මීටර් 400 මිශ‍්‍ර සහාය දිවීමේ ඉසව්වට එක්වීමට අවස්ථාව අහිමි වුණා. තරග සදහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තේරීමේදී නිසි පදනමක් නොමැති වීම මෙන්ම කී‍්‍රඩක ලැයිස්තු සැකසීමේ බලධාරීන් අතින් සිදු වූ වැරදීම් සුලූ කොට තැකිය නොහැකියි.

දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩිකාව ලෙස කිරුලූ පැලදු රුමේෂා රත්නායකට මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලේ මීටර් සියය ධාවන ඉසව්වට තරග වැදීමට අවස්තාව ලබා නොදීමද මෙරට බලධාරීන් ගත් තවත් වැරදි තීීරණයක්. ඇය මීටර් 100 තරගයට සහභාගි කරවූයේ නම් වඩාත් ප‍්‍රතිඵල දායක වීමට ඉඩ තිබුනා.

මෙවරද පදක්කමක් අපේක්ෂාවෙන් සිටින මීටර් 800 ධාවන ඉසව්වේ ආසියානු ශූරිය වන නිමාලි ලියනාරච්චිගේ පුහුණුකරු මෙවර ද ආසියානු කී‍්‍රඩා උළෙලට එක්කර නැහැ. එ් පිළිබදව ඇය සිටින්නේ දැඩි කනස්සල්ලකින්. නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදීද ඇයට සිය පුහුණුකරු ඔස්ටේ‍්‍රලියාව වෙත ගෙන යාමට වරම් හිමි වූයේ නැහැ. සිය පුහුණුකරු සිටියේ නම් වැඩි දක්ෂතා දැක්විමට හැකියාව ඇති බවයි නිමාලි පවසන්නේ.