Thursday, January 16, 2025

General line - 0115112241

ඡන්ද විමසීමෙන් පසු කතානායක කාර්යාලයෙන් නිවේදනයක්




පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමානිර්ණය කිරීමේ කමිටු වාර්තාවට අද (24) සභාවේ අනුමැතිය නොලැබුණු බැවින් කතානායකවරයා විසින් අදාළ පනතේ වගන්ති අනුව ඉදිරි පියවර ගන්නා බව කතානායක කාර්යාලය පවසනවා. ඒ අනුව අග‍්‍රමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් ඉදිරි දින කිහිපය තුළ කතානායකවරයා විසින් නම් කිරීමට නියමිත බවයි කතානායක කාර්යාලය පැවසුවේ. 

පළාත් සභා සීමානිර්ණ වාර්තාව අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රතික්ෂේපවීමෙන් පසු ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය මේබව සඳහන් කළා. 

අද පස්වරුවේ පැවැති ඡන්ද විමසීමේදී පළාත් සභා සීමානිර්ණ වාර්තාවට විරුද්ධව මන්තී‍්‍රවරුන් 139 දෙනෙකු ඡන්දය ලබා දුන් අතර කිසිඳු මන්තී‍්‍රවරයෙකු ඊට පක්ෂව ඡන්දය ලබා දුන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුව නියෝජනය කරන මන්තී‍්‍රවරුන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම සහ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්තී‍්‍රවරුන්ද වාර්තාවට විරුද්ධව ඡන්දය ලබා දුන්නා. ඡන්දය විමසන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් සභාවේ රැඳී සිටියේ නැහැ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාද ඊට විරුද්ධව ඡුන්දය ලබා දීම විශේෂත්වයක්.