Thursday, January 16, 2025

General line - 0115112241

රෝසිගේ තීරණයකට පොහොටටුවේ විරෝධය

හේමන්ත කහවලගේ




කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායකධූරය සිය පක්ෂයේ නියෝජිතයෙකුට ලබා දෙන්නැයි බලකරමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්තී‍්‍රවරුන් අද (24) විරෝධතාවක නිරත වුණා. ඒ, කොළඹ මහ නගර සභාව ඉදිරිපිටදීයි. 

අද පැවැති මහනගර සභා රැස්වීමේදී තම පක්ෂයට විපක්ෂ නායකධූරය ලබා දෙන ලෙස පොදුජන පෙරමුණේ මන්ති‍්‍රවරුන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති රෝසි සේනානායකගෙන් දිගින් දිගමට ඉල්ලීම් කර තිබෙනවා. 

එහිදී නගරාධිපති රෝසි සේනානායක නාගරික මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු සභාවෙන් ඉවත් කිරීමට කටයුතු කළා. ඊට එරෙහිව පොදුජන පෙරමුණේ සියලූ මන්තී‍්‍රවරුන් සභාවෙන් ඉවත්වුණා. 

අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී කොළඹ නගරාධිපති රෝසි සේනානායක කියා සිටියේ සභාවේ අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු සභාවෙන් ඉවත් කළ බවයි.