අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද වියට්නාමය බලා පිටත්ව යනවා. ඒ, වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහායි. මේ මස 27, 28 දෙදින තුළ පැවැත්වෙන මෙවර සමුළුවේ තේමාව කලාපීය නව හැඩතල ගොඩනැංවීම යන්නයි.
මෙහිදී ඉන්දියානු සාගර කලාපයේ මූලෝපායික සහ ආර්ථික වැදගත්කම ගැඹුරින් අවබෝධ කර ගනිමින් ආරක්ෂාව, වෙළඳ, වාණිජ කටයුතු සහ පරිපාලනය සඳහා සාමූහිකව කටයුතු කිරීමේදී නව කලාපීය හැඩතල ගොඩනැංවීමේ වැදගත්කම පිළිබඳ අවදානය යොමුවනු ඇති.
සමුළුවේ සමාරම්භක සැසියේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අදහස් දැක්වීමට නියමිත බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. අග‍්‍රාමාත්‍යවරයා සමග අමාත්‍ය සාගල රත්නායක ඇතුලූ පිරිසක් මෙම සංචාරයට එක්වනවා.