Friday, May 3, 2024

General line - 0115112241

මලල කී‍්‍රඩා බලාපොරොත්තු අද ආසියානු තරග බිමේ

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




ආසියානු කී‍්‍රඩා උළෙලේ ශී‍්‍ර ලංකාව පදක්කම් බලාපොරොත්තු දල්වා සිටින මලල කී‍්‍රඩා ඉසව් අද (25) සිට ආරම්භ වනවා. අද දිනයේදි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් 3 දෙනෙකු සහ කී‍්‍රඩිකාවක් මලල කී‍්‍රඩා ඉසව් සදහා එක්වීමට නියමිතයි.

අරුණ දර්ශන සහ කාලිංග කුමාරගේ සහභාගි වන පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ මූලිික තරගද අද උදෑසන 9.40ට ආරම්භ වීමට නියමිතයි. මූලික වටයේදී හොඳ කාලයක් වාර්තා කළහොත් ඔවුන් දෙදෙනාට අද රාති‍්‍රයේ පැවැත්වෙන අවසන් පූර්ව වටයට සුදුසුසකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා.

මේ අතර හිරුණි විජේරත්න සහභාගි වන මීටර් දස දහස කාන්තා ධාවන ඉසව්ව ආරම්භ වන්නේ අද පස්වරු 6.15 ටයි. ශී‍්‍ර ලංකා තවත් පදක්කම් බලාපොරොත්තුවක් වන ජනක ප‍්‍රසාද් විමලසිරි සහභාගි වන පිරිමි දුර පැනීමේ ඉසව්ව අද පස්වරු 5.15 ට ආරම්භ වනවා.