පෙරහැර නැරඹීමට අද උදැසන සිටම දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් සැදැහැවතුන් මහනුවර නගරයට පැමිණෙමින් සිටින බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
මෙවරද මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට නෙත් එෆ් එම් රේඩියෝව බැතිබර නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙනවා. පෙරහැර නැරඹීමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අද දිනයේද නෙත් එෆ් එම් රේඩියෝවේ දායකත්වයෙන් තේ පැන් දන්සැලක් පස්වරු දෙකේ සිට කි‍්‍රයාත්මකයි. මහනුවර වැව රවුම ආශි‍්‍රතව පැවැත්වෙන එම තේ පැන් දන්සැල කි‍්‍රයාත්මක වන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේද සහයෝගය ඇතිවයි. තේජමාන තේ ඒ සදහා අනුග‍්‍රහය ලබාදෙනවා.
-------------------------------------------
ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද
25-08-2018 07:47
මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාතී‍්‍රයේ වීථි සංචාරය කෙරෙනවා. පස්වරු 7.58ට යෙදෙන සුබ මොහොතින් පෙරහර පිටත්වීමට නියමිතයි.
ඊයේ රාති‍්‍රයේ වීථි සංචාරය කෙරුණු සිව්වන රන්දෝලි මහා පෙරහර නැරඹීමටද විශාල පිරිසක් මහනුවර නගරයට පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් මෙවරත් බැතිබර නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.