Thursday, January 16, 2025

General line - 0115112241

හැකි නම් මැතිවරණයක් ලබාදීමට මැදිහත්වන්න - හිටපු ජනපති මහ කොමසාරිස්වරයෙකුගෙන් ඉල්ලයි

හේමන්ත කහවලගේ




ශී‍්‍ර ලංකාවට පත්වආ කැනඩාවේ නව මහ කොමසාරිස්වරයා ඉකුත්දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී තිබෙනවා. එම හමුවේදී ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් කැනඩා මහ කොමසාරිස්වරයා හිටපු ජනාධිපතිවරයාගෙන් විමසීමක් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ තමන් මෙතෙක් ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි. මැතිවරණයක් ප‍්‍රකාශ කළ විට ඒ පිළිබද තීරණයක් ගතහැකි බවත් පවතින ගැටළුව වන්නේ එය නොව, ආණ්ඩුව මැතිවරණ නොපැවැත්වීම බවත් මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දී තිබෙනවා.

හැකි නම් මැතිවරණයක් ලබාදීමට මැදිහත් වන ලෙස හිටපු ජනාධිපතිවරයා කැනඩා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.