Thursday, January 16, 2025

General line - 0115112241

විශ‍්‍රාම යාමට නියමිත පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරියාගේ සේවය ඇගයේ

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




විශ‍්‍රාම යාමට නියමිත පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරි අනිල් පරාක‍්‍රම සමරසේකරගේ සේවය ඊයේ (24) පාර්ලිමේන්තුවේදී ඇගයීමට ලක් වුණා. ඒ, ඔහුගේ සේවය අගයමින් පැයක පාර්ලිමේන්තු විවාදයක් පවත්වමින්. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයින් රැසක් ඔහුගේ සේවය අගයමින් මෙම විවාදයේදී අදහස් දැක්වුවා.

1996 වසරේදී සහකාර වේත‍්‍රධාරි ලෙස පාර්ලිමේන්තු සේවයට එක් වූ අනිල් පරාක‍්‍රම සමරසේකරගේ පාර්ලිමේන්තු සේවා කාලය වසර 22 කට ආසන්නයි. පාර්ලිමේන්තු සේවයට එක්වීමට පෙර ඔහු අධිකාරීලත් නාවික හමුදා නිලධාරියෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. ඔහු විශ‍්‍රාම යාමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 29 වනදායි.