Friday, May 3, 2024

General line - 0115112241

දශක 4කට පසු හොකී ජයක්

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




වසර 40 කට පසු ආසියානු කී‍්‍රඩා උළලෙකදි හොංකොං හොකී කණ්ඩායම පරාජය කිරිමට ශී‍්‍ර ලංකා පිරිමි හොකී කණ්ඩායම සමත් වුණා. ජකර්තා නුවර පැවති එම තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයගත්තේ ගෝල 4 ට එකක් ලෙසයි. ශී‍්‍ර ලංකාව අවසන් වරට හොංකොං හොකී කණ්ඩායම පරාජය කර තිබුණේ 1978 වසරේදීයි.

මෙවර ආසියානු කී‍්‍රඩා උළලේදී ශී‍්‍ර ලංකා හොකී පිරිමි කණ්ඩායම තරග 3 කට සහභාගි වී එක් තරගයක් ජයගෙන තිබෙනවා. ඔවුන් සහභාගි වන තවත් තරගයක් හෙට (26) සත්කාරක ඉන්දුනීසියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.