Friday, May 3, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලීග් 20 යි 20 තරගාවලියේ තවත් තරග දෙකක් අද

සමන්ත කුමාර




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලීග් 20 යි 20 තරගාවලියේ තවත් තරග දෙකක් අද (25) පැවැත්වෙනවා. ඒ, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීයි.

පළමු තරගය සුරංග ලක්මාල්ගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම සහ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන මහනුවර කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. පස්වරු 2 ට එම තරගය ආරම්භ වනවා. දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සහ තිසර පෙරේරා මෙහෙයවන දඹුල්ල කණ්ඩායම අතර තරගය රාතී‍්‍ර 7 ට පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ මෙතෙක් පැවති තරගවලට අනුව දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් සහභාගි වූ තරග 2 බැගින් ජයගෙන ප‍්‍රසාද ලකුණු සටහනේ සම මට්ටමේ පසු වනවා.