පළාත් සභා සීමා නීර්ණ වාර්තාවට විරුද්ධව ආණ්ඩු පක්‍ෂය ඡුන්දය භාවිත කළේ එය තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මේ බව කියාසිටියා.
මෙම වාර්තාව සම්මත නොවීම හේතුවෙන් තවදුරටත් පළාත් සභා ඡන්දය කල්යන බව දැන දැනම එය පරාජය කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය සහාය දුන්නේ ඇයි දැයි නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිලගෙන් ප‍්‍රශ්න කළා. එහිදී ඔහු කියා සිටියේ මෙය සම්මත වුවත් නොවුවත් ජනාධිපතිවරණයෙන් මෙපිට වෙනත් ඡන්දයක් නොපවත්වන බවයි.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පැවසුවේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණ පැවැත්වේ දැයි සැක සහිත බවයි.