Thursday, January 16, 2025

General line - 0115112241

රුපියල කඩා වැටීම වැළැක්වීමට ගෙන ඇති කෙටි කාලීන කි‍්‍රයාමාර්ග අසාර්ථකයි - කළ යුතු දේ මෙන්න

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




රුපියල කඩා වැටීම වළක්වා ගැනීමට මේ දක්වා ගෙන ඇති කෙටි කාලීන කි‍්‍රයාමාර්ග අසාර්ථක වී ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්ය සිරිමල් අබේරත්න පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සදහා දිගුකාලීන කි‍්‍රයාමාර්ග අවශ්‍ය වන බවයි.

අපනයන ප‍්‍රවර්ධනය සහ විදේශ ආයෝජන වැඩි කර ගැනීම මෙම ගැටළුවට ඇති විසදුම වන බවද මහාචාර්ය සිරිමල් අබේරත්න පෙන්වා දුන්නා.

අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ විකුණු අගය ඊයේ සටහන් වුයේ  162.11 ක් ලෙසයි.