ගාල්ල, නෙළුව ප‍්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු එම රෝහලේ ස්ථානභාර නිලධාරී වෛද්‍ය නාලක ඉහළ කොඩිප්පිලිට බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර විනය පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. ඒ පිළිබද ගාල්ල ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා තමන්ට දැනුම්දීමක් කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ.
අදාළ වෛද්‍යවරයා නෙළුව ප‍්‍රාදේශිය රෝහලේ ස්ථානභාර නිලධාරියාට පරුෂ වචනයෙන් බැණ වදින ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේද ප‍්‍රසිද්ධ වුණා. ඔහු එහිදී අදාල වෛද්‍යවරයාට ගල් ප්‍රහාරයක්ද එල්ල කරනවා. අනතුරුව මම උඹව පෙට්ටියෙන් යවනවායැයි පවසමින් මරණ තර්ජනයද කරනු ලබනවා. රෝහල් කාර්ය මණ්ඩලය මැදිහත්වීමෙන් ගැටුම සමතයකටපත්කරන ආකාරයක් අදාල වීඩියෝවේ දැක්වෙනවා.