Thursday, May 2, 2024

General line - 0115112241

අරුණ සහ කාලිංග මලල කී‍්‍රඩා බලාපොරොත්තු ඉහළ දමයි

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




18 වැනි ආසියානු කී‍්‍රඩා උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමට ශී‍්‍ර ලංකාව නියෝජනය කළ කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන අද (25) සමත් වුණා.

එම ඉසව්වේ පළමු මූලික තරගයේදී කාලිංග කුමාරගේ තරගය නිම කළේ 3 වැන්නා ලෙසයි. තරග නිමි කාලය තත්පර 45.99ක් ලෙස සටහන් වුණා. එය කාලිංග ගේ පෞද්ගලික හොදම දක්ෂාතව වන අතර 2006 වසරෙන් පසු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙකු එම ඉසව්වේ දැක් වූ 2 වන හොදම දක්ෂතාවද වනවා.

මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ 5 වන මූලික තරගයට එක් වූ අරුණ දර්ශන තරගය නිම කළේ පළමු වැන්නා ලෙසයි. අරුණගේ තරග නිමි කාලය තත්පර 46.97ක් ලෙස සටහන් වුණා. අරුණ දර්ශන සහ කාලිංග කුමාරගේ සහාගි වන මිටර් 400 පිරිමා ධවන ඉසව්වේ අවසන් පුර්ව තරග ශී‍්‍ර ලංකා වේලාවෙන් අද රාති‍්‍ර 7ට ආරම්භ වනවා.