දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් කිහිපයක අද පෙරවරුවේ සිට රථ වාහන තදබදයක් වාර්තා විය. ඒ පිළිබද කරුණු දැක්වූ අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අධ්‍යක්‍ෂ එස් ඕපනායක සදහන් කර සිටියේ නිවාඩු සමයත් සමග අධිවේගී මාර්ගයේ භාවිතා කරන සංඛ්‍යාව ඉහල ගොස් ඇති බවයි. සාමාන්‍යයෙන් දෛනික වාහන ධාවනය වාහන 70,000-75,000ක් අතර පමණ වුවත් මේ දිනවල වාහන භාවිතය 100,000-110,000 දක්වා ඉහල ගොස් ඇති බවයි.
මේ හේතුවෙන් අධිවේගී මාර්ග වල පිටවීම් ස්ථානවල විශේෂයෙන් උදයේ සහ සවස් කාලයේ තදබදයක් පවතින බවත් මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් දැනුවත්ව සිටීම වැදගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.