Thursday, January 16, 2025

General line - 0115112241

අගමැතිට හැකියාව තියෙනවා පළාත් සභා මැතිවරණය තියන්න - මන්ත්‍රි රමේෂ් පතිරණ

ජනක චන්දන / දිල්ශාන් තුෂාර




පාර්ලිමේන්තුවට ඊයේ (24) ඉදිරිපත් කෙරුණු පළාත් සභා සීමානිර්ණ වාර්තාව පරාජය වීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදත් (25) අදහස් පළවුණා. 

විශේෂත්වයක් වුයේ මෙම වාර්තාවට පක්ෂව කිසිඳු මන්තී‍්‍රවරයෙකු ඡන්දය ප‍්‍රකාශ නොකිරීමයි. වාර්තාව ඉදිරිපත් කළ අමාත්‍ය ෆයසිර් මුස්තාෆාද වාර්තාවට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළා.   

මිට වසර කිහිපයකට පෙර පළාත් සභා සීමානිර්ණ කොමිසම වැඩ පටන් ගත්දා සිට අපි මේකට විරුද්ධ වෙනවා කියලා කිව්වා. හොඳම දේ තමයි මේ වාර්තාව ගෙනාපු ඇමතිවරයා සහ ඔහු නියෝජනය කරන ආණ්ඩුවත් මේකට විරුද්ධව ජන්දය ලබාදීම. මේ ආණ්ඩුව හිතා මතාම පළාත් සභා ජන්දය කල් දමමින් සිටිනවා. අගමැතිවරයාට හැකියාව තිබෙනවා ලබන සතියේ උනත් අලුත් පනතක් ගෙනල්ලා ඒක පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන ලබන දෙසැම්බර් මාසය වෙනකොට පැරණි ක්‍රමයටම පළාත් සභා ජන්දය තියන්න. නමුත් එහෙම දෙයක් කරාවි කියලා අපිට පෙන්නේ නැහැ යැයි මේ පිිළිබඳ අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර රමේෂ් පතිරණ වැඩිදුරටත් සදහන් කර සිටියා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද මේ පිිළිබඳ අදහස් දැක්වුවා. ඔහු පැවසුවේ මෙය රටේ පවතින විකෘතියෙහි තවත් නිරූපණයක් බවයි.

මේ අතර ප‍්‍රශ්ණගත පළාත් සභා සීමානිර්ණ වාර්තාව පරාජය වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ අමාත්‍ය 
කබීර් හෂීම් පැවසුවේ අදාළ සීමානිර්ණයන්හි ගැටලූ පවතින බවයි. එක්සත් ජාතික පක්ෂය විසින් මෙම ගැටලූ පළමුවෙන්ම පෙන්වා දුන් බවද ඒකාබද්ධ විපක්ෂයද අවසානයේ ඒ බව පිළිගැනීම සතුටට කරුණක් බවද ඔහු පැවසුවා.