දක්ෂිණ අධිවේගී මාර්ගයේ හුවමාරු මධ්‍යස්ථාන කිහිපයක පැවැති තදබදය මේවනවිට ඉවත් වී තිබෙනවා. කෙටි කාල පරතරයක් තුළ වාහන ගණනාවක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කාර්මික දෝෂවලට ලක්වීම නිසා මෙම තදබදය ඇතිවූ බවයි අධීවේගී මාර්ග, මෙහෙයුම් හා නඩත්තු අධ්යක්ෂ එස් ඕපනායක පැවසුවේ. ඉකුත් දින කිහිපයකදීම මෙවැනි තත්ත්වයක් ඇතිවූ බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.
අධිවේගී මාර්ගයකට ඇතලූ කල යුත්තේ නියමිත ධාවන තත්ත්වයේ ඇති වාහන පමණක් බවද මෙහිදී සිහිපත් කෙරුණා. ඒ අනුව අධිවේගී මාර්ගයකට ඇතුලූ කිරීමට පෙර වාහනයේ ධාවන තත්ත්වය පිළිබඳ හොඳින් පරික්ෂා කරන ලෙසයි අධීවේගී මාර්ග, මෙහෙයුම් හා නඩත්තු අධ්යක්ෂවරයා රියදුන්ගෙන් ඉල්ලා සිටියේ.