Friday, January 17, 2025

General line - 0115112241

දැදුරු ඔයේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු දියේ ගිලීමිය යයි

හර්ෂිකා සංජීවනී




කුරුණෑගල, ගොකරැුල්ල ප‍්‍රදේශයෙන් දැදුරු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අද පස්වරුවේ දියේ ගිලී මිය ගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ ඥාතීන් පිරිසක් සමග දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම සිසුන් දෙදෙනා මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

මේ අතර හලාවත මුහුදේ ගිලීමෙන්ද කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වාරියපොල බමුණුකොටුව ප‍්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි කාන්තාවක්.