ආණ්ඩුවට එරෙහි ජන බලය ශක්තිමත් කිරීම සඳහා ලබන 05වනදා කොළඹට පැමිණෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මොණරාගල අද පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළා.
අදට යෙදුනු ශි්ර ලංකා නිදහස් පක්ෂයේ 67වන සංවත්සරය සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.